ට්‍රම්ප් සමග විවාදයක් කළ ජෝ බයිඩන් ට කොරෝනා නැති බව හෙලිවේ.

ට්‍රම්ප් සමග විවාදයක් කළ ජෝ බයිඩන් ට කොරෝනා නැති බව හෙලිවේ.

අමෙරිකානු ජනාධිපතිවරණයේ මෙවර ට්‍රම්ප්ගේ ප්‍රතිවාදියා වන ඩිමොක්‍රටික් පක්ෂ අපේක්ෂක ජෝ බයිඩ්න්ට කොරෝනා අසාදනය වී නොමැති බව හෙළිව තිබේ.

පසුගියදා අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඔහුගේ බිරිඳ වන මෙලනියා ට්‍රම්ප් යන දෙදෙනාටම කොවිඩ් – 19 ආසාදිත බවට තහවුරු විය.

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට කොරෝනා අසාදනය වීමත් සමග ජෝ බයිඩ්න්  ද කොරෝනා පරීක්ෂාවක් කර ගෙන තිබේ.

ඒ ඉකුත් 30 වනදා ඔවුන් දෙදෙනා එකට එක්ව එරට ජනාධිපතිවරණ සටනේ පළමු විවාදය පවත් වීම හේතුවෙනි.

කෙසේවෙතත් පණිවුඩයක් නිකුත් කරමින් බයිඩ්න් තම ප්‍රතිවාදියාට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කර තිබේ.

Facebook Comments