ජාත්‍යන්තර අමද්‍යප දිනය වෙනුවෙන් රට පුරා අද දින වැටලීම්

ජාත්‍යන්තර අමද්‍යප දිනය වෙනුවෙන් රට පුරා අද දින වැටලීම්

ලෝකයේ බොහෝ අංශ සදහා වෙන් කරන ලද දිනයන් පවතින බව කවුරුත් දන්නා කරුණකි.ඒ අනුව ජාත්‍යන්තර අමද්‍යප දිනය අදට යෙදී තිබේ.ඊට සමගාමීව නීතිවිරෝධී ලෙස මත්පැන් සහ මත්ද්‍රව්‍ය අලෙවි කරන ස්ථාන සොයා විශේෂ වැටලීම් අද දිවයින පුරා කි‍්‍රයාත්මක කරන බව සුරාබදු දෙපාර්තමේන්තුව සදහන් කර සිටි.

දිවයිනේ ඕනෑම ස්ථානයක සිදු වන සුරා අපරාධයක් සම්බන්ධයෙන් 1913 අංකය හෝ සුරාබදු දෙපාර්තමේන්තුවේ කාර්යාල වෙත තොරතුරු ලබා දෙන ලෙස සුරාබදු දෙපාර්තමේන්තුවේ මාධ්‍ය ප‍්‍රකාශක නියෝජ්‍ය සුරාබදු කොමසාරිස් කපිල කුමාරසිංහ මහතා ඉල්ලා සිටි.

මේ වනවිට ලොවපුරා වසරකට මිලියන 3 කට අධික පිරිසක් මධ්‍යසාර භාවිතය නිසා ඇති වන රෝගාබාධ හේතුවෙන් මියයන බව ලෝක සෞඛ්‍ය සංවිධානය ප්‍රකාශ කරයි.

එසේම, තවත් පිරිසක් විවිධ ආබාධයන්ට ගොදුරු වේ . මෙම පිරිසෙන් සියයට 7 ඉක්මවූ සංඛ්‍යාවක් අනතුරුදායක ලෙස මත්පැන් පානය කරන අය ලෙස වන අතර, මේ වනවිට වයස අවුරුදු 15 ත් 49 ත් අතර පුද්ගල මරණවලින් සියයට 10ක් සිදුවන්නේ මධ්‍යසාර භාවිතය නිසා ඇති වන ආබාධයන් හේතුවෙන් බවත් වාර්තා වේ.

2005 වසරේ සිට ශ්‍රී ලංකාවේ මධ්‍යසාර භාවිත කරන්නන්ගේ සංඛ්‍යාවේ යම් අඩුවීමක් පෙන්නුම් කළත් තවමත් අවධානම් සහගත, අනතුරුදායක සහ ඇබ්බැහි වූ මධ්‍යසාර භාවිත කරන පිරිස් මෙහි ජිවත් වේ.

Facebook Comments