“ජනපති, අගමැති ගැන අපේ තිබු බලාපොරොත්තු දැන් විනාස වෙලා”(Video)

“ජනපති, අගමැති ගැන අපේ තිබු බලාපොරොත්තු දැන් විනාස වෙලා”(Video)

මේ වනවිට ව්‍යාප්ත වන කොරෝනා වසංගතය හමුවේ සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය හෙද කාර්ය මණ්ඩලවලට සලකන ආකාරය ඉතාම කණගාටු කරුණක් බව පැවිදි හඬ සංවිධානයේ සභාපති පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් පවසා සිටියේය.

අද (31) දිනයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක් වෙමින් උන්වහන්සේ වැඩිදුරටත් පවසා සිටියේ ජනාධිපතිවරණයේදී මෙන්ම මහ මැතිවරණයේදීද පවතින ආණ්ඩුව බලයට ගෙන එම සදහා උදවු උපකාර කරනු ලැබුවේ වැරදි පෙන්වා දී ඒවා නිවැරදි කිරීමට බවත් එමඟින් ජනතාව ආරක්ෂා කර ගැනීමට බවත්ය.

නමුදු තමන් වහන්සේ ඇතුළු පැවිදි පිරිස අපේක්ෂා කළ දේ පවතින ආණ්ඩුව තුලින් ඉටු නොවීම හේතුවෙන් එම බලාපොරොත්තුව මේ වන විට හදවත් වලින් ඈත් වී ඇති බව උන්වහන්සේ පැවසූහ.

Facebook Comments