ගෝඨාගේ රුපියල් මිලියන 33.9 අයථා පරිහරණ නඩුවට එරෙහි පෙත්සමක් යළිත් නිෂ්ප්‍රභ වෙයි!

ගෝඨාගේ රුපියල් මිලියන 33.9 අයථා පරිහරණ නඩුවට එරෙහි පෙත්සමක් යළිත් නිෂ්ප්‍රභ වෙයි!

ඩී.ඒ. රාජපක්ෂ අනුස්මරණ කෞතුකාගාරය ඉදිකිරීම සම්බන්ධයෙන් විශේෂ ත්‍රි පුද්ගල මහාධිකරණයේ විභාග වන නඩුවට එරෙහිව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් අභියාචනාධිකරණයට ඉදිරිපත් කළ පෙත්සම අද ( ජුනි 18) අභියාචනාධිකරණයේ නඩු විභාගයකින් තොරව නිෂ්ප්‍රභා කෙරිණි.

මෙම පෙත්සම අචල වෙංගප්පුලි සහ අර්ජුන ඔබේසේකර යන ද්වි පුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ විභාගයට ගැනිණි.

මෙම නඩුව සම්බන්ධයෙන් ජනවාරි 11 වනදා ගොනු කර තිබූ මූලික විරෝධතා නිෂ්ප්‍රභ කිරීමට විශේෂ මහාධිකරණය ගත් තීරණයට එරෙහිව රාජපක්ෂ මහතා අභියාචනාධිකරණය වෙත සංශෝධන පෙත්සමක් ගොනු කර තිබුණි.

ඔහුගේ මූලික විරෝධතාවලදී හිටපු ආරක්ෂක ලේකම්වරයා තර්ක කර තිබුණේ අයථා පරිහරණය කිරීමේ නඩුව විභාග කිරීමට විශේෂ මහාධිකරණයට අධිකරණ බලයක් නොමැති බවයි.

කෙසේ වෙතත්, නීතිපතිවරයා තර්ක කර තිබුණේ විශේෂ මහාධිකරණයේ තීන්දු ශ්‍රේෂ්ඨාධිකරණයට ගොනු කළ හැක්කේ අධිකරණ පනතට අනුකූලව පමණක් බවයි.

ඩී. ඒ. රාජපක්ෂ අනුස්මරණ කෞතුකාගාරය ඉදිකිරීමේදී රුපියල් මිලියන 33.9 ක් වටිනා රාජ්‍ය අරමුදල් අයථා ලෙස පරිහරණය කළ බවට හිටපු ආරක්ෂක ලේකම්වරයාට චෝදනා එල්ල වී තිබේ.

Facebook Comments