ගාල්ල සිද්ධිය ගැන GMOA විශේෂ ප්‍රකාශයක්..

ගාල්ල සිද්ධිය ගැන GMOA විශේෂ ප්‍රකාශයක්..

ගාල්ල මහනගර සභාවේ නියෝජ්‍ය නගරාධිපතිවරයා විසින් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයාට බැන වැදීමේ සිද්ධියෙන් පසු සායනික කටයුතු සඳහා දංගෙදර ප්‍රදේශයේ වෙනත් ස්ථානයක් යොදාගන්නා බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.

නගර සභා පරිශ්‍රයේ රාජකාරීවලින් ඉවත්වීමට සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් පසුගිය දා තීරණය කළේය.

නියෝජ්‍ය නගරාධිපතිවරයාගේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් දකුණු පළාත් ආණ්ඩුකාරවරයා සහ සෞඛ්‍ය අංශ අතර ඊයේ (26) සාකච්ඡාවක් පවත්වා තිබුණි.

එහිදී තීරණයකර ඇත්තේ දිස්ත්‍රික්කයේ සෞඛ්‍ය සේවා කටයුතු හෙට (28) දිනයේද සාමන්‍ය පරිදි ක්‍රියාත්මක කිරීමටය.

ඉදිරියේදී නියෝජ්‍ය නගරාධිපතිවරයා සම්බන්ධයෙන් ගන්නා ක්‍රියාමාර්ග අනුව සේවයෙන් ඉවත්වීම පිළිබඳ තීරණය කරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ප්‍රකාශ කරයි.

Facebook Comments