ගස් කැපුවා කියල ඔක්සිජන් නැතිවෙන්නේ නැ – මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති

ගස් කැපුවා කියල ඔක්සිජන් නැතිවෙන්නේ නැ – මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති

වනාන්තර විනාශය පිළිබඳව පවතින රජයට විවිධ මතවාද ඉදිරිපත්වන මොහොතක එය සාධාරණී කරනු ලෙසින් ඊයේ (05) දින මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති සිරිපාල අමරසිංහ මහතා විසින් පවසා සිටියේ ගස් කැපීම මගින් ඔක්සිජන් අඩුවීමක් නොවන බවයි.

කොළඹ නගරය තුල ඔක්සිජන් අඩුවෙමින් යාම හා වනාන්තර විනාශය පිළිබඳව මාධ්‍යවේදියෙකු නැගු ප්‍රශ්නයකට පිළිතුරු වශයෙන් ඒ මහතා මෙසේ පැවසීය.

දැනට ලෝකයේ විශාලතම කර්මාන්ත ශාලා ඇති දියුණුම ප්‍රදේශයක් වන සහරාවේ පවතින්නේ කාන්තාර බවත් එහි තැනින් තැන රට ඉදි ගස් පමණක් දක්නට ඇති නමුදු එහි වෙසෙන ජනතාවට හොඳින් ඔක්සිජන් ඇති බව ඒ මහතා පවසයි.

මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති සිරිපාල අමරසිංහ මහතා පවසා සිටියේ ‘තිරසාර සංවර්ධන සංවාදය’ යන මැයෙන් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති වැඩසටහනකට එක්වෙමිනි.

Facebook Comments