අද (දෙසැම්බර් 02) දිනයේ ආසාදිතයින් 487 දෙනෙකු සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබේ.
ඒ අනුව මෙරට සුවය ලැබූ සමස්ත කොවිඩ් – 19 ආසාදිතයින් සංඛ්‍යාව 18,000 ඉක්මවා ගියේය.
අද පිටව ගිය සුවය ලැබූවන්ගෙන් වැඩිම පිරිසක් කන්දකාඩු ප්‍රතිකාර මධ්‍යස්ථානයෙන් පිටව ගොස් ඇති අතර එම සංඛ්‍යාව 157ක් වේ.
මෙරට සමස්ත කොවිඩ් – 19 ආසාදිතයින් 24,532 දෙනාගෙන් 18,304 දෙනෙකු සුවය ලබා පිටව ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේය.
තවත් ආසාදිතයින් 6,106 දෙනෙකු රෝහල්ගතව තවදුරටත් ප්‍රතිකාර ලබයි.
Facebook Comments