කොරෝනාව සඳහා වූ බ්‍රිතාන්‍ය ෆයිසර් එන්නත භාවිතයට අවසර..

කොරෝනාව සඳහා වූ බ්‍රිතාන්‍ය ෆයිසර් එන්නත භාවිතයට අවසර..

පුළුල් භාවිතය සඳහා ෆයිසර් / බයෝටෙක් කොරෝනා එන්නත අනුමත කළ ලොව පළමු රට බවට එක්සත් රාජධානිය පත්ව ඇත.

ෆයිසර් – බයෝ එන් ටෙක් සමාගම් එක්ව නිෂ්පාදනය කළ කොවිඩ් එන්නතට බ්‍රිතාන්‍යයේ අනුමැතිය ලැබී තිබේ.

ඒ අනුව එම එන්නත අනුමත කළ ලොව ප්‍රථම රට වන්නේ  බ්‍රිතාන්‍යය වේ.

එරට ඖෂධ නියාමන ආයතනය පැවසුවේ එම එන්නත ජනතාවට ලබාදීමට ආරක්‍ෂිත බවය.
 
ඒ අනුව, ඉහළ අවදානම් සහිත ජන කොටස් සඳහා එම එන්නත ඉදිරි දින කිහිපය තුළදී ලබාදීමට හැකියාව පවතී.

මේ වනවිට එරට ජනගහනයෙන් මිලියන 20කට අවශ්‍යවන එන්නත් මාත්‍රා මිලියන 40ක් එක්සත් රාජධානිය විසින් ඇණවුම් කර තිබේ.

එරට මුළු ජනගහණය මිලියන 66කි. 

ඉතා කෙටි කලකදී යතාර්ථයක් වූ එන්නත වන්නේ මෙම ෆයිසර් – බයෝ එන් ටෙක් කොවිඩ් එන්නතයි. ඒ සඳහා ගත වූයේ මාස 10කි. සාමාන්‍යයෙන් මෙවැනි එන්නතක් නිෂ්පාදනය කර සාර්ථක බවට පත්වීමට අවුරුදු 10ක් පමණ ගතවේ.

එන්නත් ක්‍රියාවලිය ඇරඹිය හැකි වුවද, කොරෝනා වෛරසය පැතිරයෑම පාලනය කිරීම සඳහා ජනතාව යහපත් සෞඛ්‍ය පුරුදු සහ රීති අනුගමනය කිරීම වැදගත් බව විශේෂඥයෝ පවසති.

Facebook Comments