කොරෝනාව පැරදවූවන් ගණන 2,524 දක්වා ඉහළ යයි.

කොරෝනාව පැරදවූවන් ගණන 2,524 දක්වා ඉහළ යයි.

COVID-19 සඳහා වෛද්‍ය ප්‍රතිකාර ලැබූ තවත් රෝගීන් 7 දෙනෙකු නැවත සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

එමගින් ශ්‍රී ලංකාවේ වාර්තා වූ මුළු සුවකර ගැනීම් සංඛ්‍යාව 2,524 දක්වා ඉහළ ගොස් තිබේ.

වසංගත රෝග විද්‍යා ඒකකය විසින් නිකුත් කරන ලද තත්ව වාර්තාවෙන් තහවුරු වී ඇත්තේ ජාතික බෝවන රෝග පිළිබඳ ආයතනයේ රෝගීන් 03 ක්, කොළඹ නැගෙනහිර මූලික රෝහලේ 01 ක්, ඉරනවිල රෝහලේ තවත් අයෙකු සහ මිනුවන්ගොඩ මූලික රෝහලේ 02 දෙනෙකු රෝගයෙන් සුවය ලබා ඇති බවයි.

මේ අතර, මේ දක්වා රට තුළ තහවුරු වී ඇති නව කොරෝනා වෛරස් රෝගීන් 2,828 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

ඒ අනුව මේ වන විට සක්‍රීය රෝගීන් 293 ක් රට පුරා රෝහල් කිහිපයක ප්‍රතිකාර ලබති.

Facebook Comments