කෑම රසයි…. හොඳට කෑවා…

කෑම රසයි…. හොඳට කෑවා…

මඟුල් ගෙදරකට පැමිණි අයෙකු වෙරි මතින් කිසිවකුත් නොකනා අමුතුම තාලයේ ආහාරයක් බෙදාගෙන කෑමේ පුවතක් පොල්පිතිගම අවට ගමකින් අසන්නට ලැබිණි.


සිද්ධිය මෙසේය.


මනාලයාගේ ගෙදර පැවැත්වෙන මංගල්‍යයකි. උත්සවයට ආරාධනා ලද පිරිස් පැමිණියත් මත්පැන් සංග්‍රහයන් එහි තිබුණේ නැත.


එහෙත් සුළු පිරිසක් ඒවා පිටතින් මිලදී ගෙන තොල ගාන්නට විය. මේ අතර දිවා කෑම සඳහා ද වතුර අල්ලන්නට විය.


කෑම සඳහා දිගු පෝලිමක් තිබිණි.


වෙරි මතින් පැමිණි අයකුද පෝලිමේ විය.


කෑම මේසයේ සුදු බත්, කහ බත්, රතු බත් හා ගෝවා එක මේසයක සමාන බේසම්වලට බෙදා තබා තිබිණි. අනෙක් මේසයේ මාළු පිනි ආදිය තිබිණි.


ඔහු පළමු පිඟාන පිරෙන්නටම ගෝවා බෙදා ගත්තේය.


ඉන් අනතුරුව අනිත් මේසය වෙතට ගොස් බස් ඇතුළු අවැසි දෑ බෙදා ගෙන අසල පුටුවක් මත වාඩිවී කිසිත් නොකියාම කෑම කෑවේය.


ඒ අසලට ගිය පිරිසක් ඔච්චමට මෙන් කෑවාද කියා අසනවිට කෑම රසයි. හොඳට කෑවා. යනුවෙන් අත සෝදන්නත් වතුර බෝන්නටත් කියා හිස් පිඟාන පැත්තකින් තබා ඔහු නැගිට්ටේය.


මඟුල් ගෙදරකට පැමිණි මෙම පුද්ගලයා වෙරි මර ගාතේ බත් යැයි සිතා ගෝවා බෙදාගෙන ආහාරයට ගත් ආකාරය දෙස රැස්ව සිටි පිරිස් විමතියෙන් බලා සිටියහ

Facebook Comments