කැරොලයින් ප්‍රසිද්ධියේ සමාව ගන්න බෑ කියයි. පුෂ්පිකාගේ ප්‍රශ්නය උග්‍ර වෙයි.

කැරොලයින් ප්‍රසිද්ධියේ සමාව ගන්න බෑ කියයි. පුෂ්පිකාගේ ප්‍රශ්නය උග්‍ර වෙයි.

ආකල්පමය ප්‍රශ්නයක් නිසා පසුගිය දා පැවැති 2020 ශ්‍රී ලංකා විවාහක රූ රැජින තේරීමේ තරගයේ ඇති වූ ගැටලුව විසඳාගැනීම අපහසු වී ඇතැයි ප්‍රවීණ රූපලාවන්‍ය ශිල්පී චන්දිමාල් ජයසිංහ මහතා පවසයි.

එම තරගය සංවිධානය කරන ලද්දේ ඔහුගේ මූලිකත්වයෙනි.

අද (08) එම ගැටලුව සමථයකට පත්කිරීම සඳහා අදාළ පාර්ශ්වයන් කුරුඳුවත්ත පොලීසියට කැඳවා තිබුණි.

එහිදී සිදුවූ දේ පිළිබඳව චන්දිමාල් ජයසිංහ මෙසේ මාධ්‍යට අදහස් පැවසීය. 

“කැරොලයින් ජූරි, චුලා පද්මේන්ද්‍ර, පුෂ්පිකා ද සිල්වා ඇතුළු සියලුම දෙනා අද පොලීසියට ආවා. පුෂ්පිකාගේ ඉල්ලීම වුණේ ප්‍රසිද්ධ මාධ්‍ය සාකච්ඡාවකදී ඇයගෙන් සමාව ගතයුතු බව. එයට පමණක් කැරොලයින් ජූරි එකඟ වුණේ නෑ. ඇය කිව්වේ ඇය පෞද්ගලික ලිපියක් හරහා නිවසේදී වීඩියෝ දර්ශනයකින් සමාව ගන්නම් කියලා. පුෂ්පිකාගේ නම සඳහන් නොකර සමාව ගන්නම් කියලා. පුෂ්පිකා ඒකට කැමති වුණේ නෑ. පිරිසක් ඉදිරියේ ඇය අපහසුතාවයට පත්වූ නිසා නඩු කටයුත්තක් සඳහා යොමු වුණා. මේ මාසයේ 19 වනදා නඩුව පැවැත්වෙනවා. බොහොම කණගාටුදායක තත්ත්වයක්. පොලීසිය විශාල වෙහෙසක් ගත්තා මේක සමතයකට පත්කරන්න. බැහැයි සමහරුන්ගේ තියෙන ආකල්පමය ප්‍රශ්නයක් නිසා කණගාටුදායක තත්ත්වයකට පත්වුණා. තමන් වැරැද්දක් කළා කියලා නිහතමානීව මාධ්‍ය ඉස්සරහට ගිහින්  පිළිගන්න ඕන. මම නිර්මාණය කරපු කෙනෙකුට මේ තත්ත්වය උදා වෙනවට මම කැමතිත් නෑ. රෝසි සේනානායක මහත්මියත් ඇයට දුරකථනයෙන් පැයක් විතර කතා කරලා මේක විසඳගන්න උපදෙස් දීලා තිබුණා.”    

Facebook Comments