ලෝක විවාහක රූ රැජිණ කැරොලයින් ජුරි සහ නිරූපිකාවක් වන චුලා පද්මෙන්ද්ර ප්රකාශයක් ලබා දීම සඳහා කුරුඳුවත්ත පොලිසියට පැමිණි අවස්ථාවේදී ඔවුන් දෙදෙනා අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පසුගියදා නෙළුම් පොකුණ රඟහලේ පැවති විවාහක රූ රැජිණ තරගයේදී පුෂ්පිකා ද සිල්වාගේ කිරුළ බලහත්කාරයෙන් ඉවත් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ඇය කුරුඳුවත්ත පොලිසිය වෙත පැමිණිලි කර තිබිණි. ඒ සම්බන්ධයෙන් ප්රකාශයක් ලබා දීමට කැරොලයින් ජුරි සහ චුලා පද්මෙන්ද්ර හට අද (08) දිනයේදී කුරුඳුවත්ත පොලිසිය හමුවේ පෙනී සිටින ලෙස දැනුම් දී ඇත.
ඒ අනුව ඔවුන් පොලිසියට පැමිණ සිටියදී ප්රකාශ සටහන් කර ගැනීමෙන් අනතුරුව අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.
Facebook Comments