කටුනායක ගුවන් තොටුපොළ විවෘත කිරීම 2021 මුල දක්වා වුවද කල් යා හැක

කටුනායක ගුවන් තොටුපොළ විවෘත කිරීම 2021 මුල දක්වා වුවද කල් යා හැක

ලොව පුරා කොරෝනා වසංගතය තවමත් සක්‍රීය වී පවතින නිසාවෙන් රටවල් අතර ගමනාගමනය තව දුරටත් ගැටළු සහගත මට්ටමකට පත්වී තිබේ.ඒ අනුව එහි විශාල ආර්ථික අලාභයක් ලෝකයේ සෑම රටකටම බලපා ඇති අතර ශ්‍රී ලංකාවටද එම තත්වය ඒ ආකාරයෙන්ම බලපෑම් කර තිබේ.

මේ අතර මෙරට කොවිඩ් කමිටුව හෝ සෞඛ්‍ය අංශ නිර්දේශ කරන්නේ නම් ඕනෑම අවස්ථාවක කටුනායක ගුවන් තොටුපළ විවෘත කළ හැකි වුවත් ලොව පවතින තත්ත්වය හමුවෙ ගුවන් තොටුපළ විවෘත කිරීම 2021 මුල දක්වා වුවද කල් යා හැකි බව අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

එහෙත් විදේශගත ශ්‍රී ලාංකිකයන් මෙරටට ගෙන්වීම සාමාන්‍ය පරිදි සිදුවන බව අමාත්‍යවරයා සදහන් කර සිටී.

සීත සෘතුවේදී කොවිඩ් පැතිරයාම ඉහළ යා හැකි බව, ලෝක සෞඛ්‍ය සංවිධානය පවසා ඇති බවත් මේ අනුව කටුනායක ගුවන් තොටුපළ විවෘත කිරීම තවත් කල් යා හැකි බවත් අමාත්‍යවරයා සඳහන් කර සිටී.

Facebook Comments