එලැඹෙන 28දා මයික් පොම්පියෝ දිවයිනට.

එලැඹෙන 28දා මයික් පොම්පියෝ දිවයිනට.

ශ්‍රී ලංකාවේ සංචාරයක් සදහා එක්සත් ජනපද රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ මහතා ශ්‍රී ලංකාව වෙත පැමිණීමත් ඒ මහතාව පිළිගනිමට බලාපොරොත්තුවෙන් සිටින බව ශ්‍රී ලංකාවේ එක්සත් ජනපද තානාපතිනී ඇලයිනා බී. ටෙප්ලිට්ස් මහත්මිය ට්විටර් පණිවුඩයක් නිකුත් කර තිබිණ.

එමෙන්ම තානාපතිනිය සිය ට්විටර් පණිවුඩ මගින් වැඩිදුරටත් දක්වා තිබුනේ ඔහුගේ සංචාරය රටවල් දෙක අතර මිත්‍රත්වය ශක්තිමත් කරන්නක් බවත්, නිදහස් ඉන්දු පැසිෆික් කලාපයක් පිළිබඳ දෙරටේ හවුල් දැක්ම වර්ධනය කරගැනීමට හැකියාව තිබෙන බවත්ය.

එක්සත් ජනපද රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ මහතා ‘ටූ ප්ලස් ටූ’ ලෙස නම්කර ඇති ද්වීපාර්ශ්වික සාකච්ඡාවකට ඔක්තෝබර් 26 සහ 27 යන දිනවල ඉන්දියාවේ සංචාරය කිරීමට නියමිත අතර එම සංචාරයට සමගාමීව රාජ්‍ය ලේකම්වරයා ප්‍රමුඛ දූත පිරිස එලැඹෙන 28දා ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත බවද වාර්තා කර තිබේ.

එමෙන්ම ඉන් පසු එම දූත පිරිස මාලදිවයිනේ සහ ඉන්දුනීසියාවේද සංචාරය කිරීමට නියමිතයි.

Facebook Comments