ඊයේ කොවිඩ් ආසාදිතයන් 487 යි. මරණ 5 යි.

ඊයේ කොවිඩ් ආසාදිතයන් 487 යි. මරණ 5 යි.

කොවිඩ් -19 වෛරසය ආසාදනය වී ඇති තවත් 240 දෙනෙකු ඊයේ (26) දිනයේ හඳුනාගෙන ඇති බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

මීට පෙර අද දිනයේ තවත් කොවිඩ් ආසාදිතයන් 247 දෙනෙක් හඳුනාගෙන තිබිණ.

අද දිනයේ හඳුනාගත් සමස්ත ආසාදිතයින් ගණන 487කි.

ඒ අනුව, කොවිඩ් ආසාදිත බවට හඳුනාගැණුනු මෙරට සමස්ත රෝගීන් ගණන 82,420කි.

මේ දක්වා මෙරටදී කොවිඩ් ආසාදිතයින් 464 දෙනෙක් මියගොස් ඇති අතර ඉන් මරණ 451ක් ම වාර්තා වූයේ කොවිඩ් දෙවැනි රැල්ල ආරම්භයෙන් පසුවය.

ඊයේ (26) කොවිඩ් මරණ 05 ක් වාර්තා වී ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කළේය.

ඒ අනුව මෙරටින් වාර්තා වී ඇති කොවිඩ් ආසාදිත මරණ ගණන 464 කි.

මෙලෙස මිය ගොස් ඇත්තේ,

  1. නවදගල ප්‍රදේශයේ පදිංචිව සිටි 69 හැවිරිදි පිරිමි පුද්ගලයෙක්,
  2. නාරාහේන්පිට ප්‍රදේශයේ පදිංචිව සිටි 72 හැවිරිදි  කාන්තාවක්,
  3. මහනුවර  ප්‍රදේශයේ පදිංචිව සිටි 70 හැවිරිදි පිරිමි පුද්ගලයෙක්,
  4. කොළඹ 09 ප්‍රදේශයේ පදිංචිව සිටි 71 හැවිරිදි පිරිමි පුද්ගලයෙක්
  5. වේයන්ගොඩ ප්‍රදේශයේ පදිංචිව සිටි 71 හැවිරිදි පිරිමි පුද්ගලයෙකි.
අද කොවිඩ් මරණ
Facebook Comments