ඉහළ තනතුරු පිළිබඳ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව පත් කෙරේ. කාරක සභාවේ කාර්යභාරය කුමක්ද?

ඉහළ තනතුරු පිළිබඳ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව පත් කෙරේ. කාරක සභාවේ කාර්යභාරය කුමක්ද?

ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුවක් විසින් පත් කෙරෙන සුවිශේෂීම පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් ලෙස ආණ්ඩුවේ ඉහළ තනතුරු සඳහා නිලධාරීන් පත් කිරීමට අනුමැතිය ලබාදෙන ඉහළ තනතුරු පිළිබඳ තේරීම් කාරක සභාව වැදගත් වේ.

ඒ අනුව ශ්‍රී ලංකාවේ 9 වැනි පාර්ලිමේන්තුව විසින් ඊයේ (සැප්තැම්බර් 08) රජයේ ඉහළ තනතුරු පිළිබඳ තේරීම් කාරක සභාව පත් කළ බව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා විසින් නිවේදනය කරන ලදී.

එම තේරීම් කාරක සභාවේ නියෝජනය මෙසේය.

  1. කතානායක මහින්ද යාපා අබේවර්ධන
  2. චමල් රාජපක්ෂ
  3. නිමල් සිරිපාල ද සිල්වා
  4. දිනේෂ් ගුණවර්ධන
  5. ජොන්ස්ටන් ප්‍රනාන්දු
  6. ඩග්ලස් දේවානන්ද
  7. බන්දුල ගුණවර්ධන
  8. කෙහෙළිය රඹුක්වැල්ල
  9. උදය ගම්මන්පිල
  10. රමේෂ් පතිරණ
  11. සුදර්ශිනී ප්‍රනාන්දුපුල්ලේ
  12. විදුර වික්‍රමනායක
  13. ජෝන් සෙනෙවිරත්න
  14. අනුර ප්‍රියදර්ශන යාපා
  15. විජිත හේරත්
  16. රිෂාඩ් බදියුදීන්
  17. තලතා අතුකෝරාල
  18. ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා

පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග අංක 124 යටතේ මෙම පත් කිරීම් සිදු කෙරේ.

ඉහළ තනතුරු පිළිබඳ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව මගින් අමාත්‍ය මණ්ඩලය විසින් තීරණය කරනු ලබන ඕනෑම තනතුරක තනතුරක් දැරීමට හෝ නම් කරන ලද පුද්ගලයන්ගේ සුදුසුකම් පරීක්ෂා කිරීම සහ එවැනි පුද්ගලයින් සම්බන්ධයෙන් නිර්දේශ ඉදිරිපත් කිරීම සිදු කරයි.

වරින් වර පාර්ලිමේන්තුවට වාර්තා කිරීමට කාරක සභාවට බලය ඇති අතර පාර්ලිමේන්තුව කල්තබා තිබුණ ද කාරක සභාවේ කටයුතු දිගටම කරගෙන යා හැක.

Facebook Comments