ඉතාලියේ කොරෝනා ආසාදිත ශ්‍රී ලාංකිකයන් 08ක්. එක් අයෙකු මියගොස් බවට තවම තහවුරු කර නැහැ. ඊයේ පමණක් ඉතාලියෙ 743ක් මියයයි.

ඉතාලියේ කොරෝනා ආසාදිත ශ්‍රී ලාංකිකයන් 08ක්. එක් අයෙකු මියගොස් බවට තවම තහවුරු කර නැහැ. ඊයේ පමණක් ඉතාලියෙ 743ක් මියයයි.

රෝමයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයට අනුව ඉතාලියේ වෙසෙන ශ්‍රී ලාංකිකයන් අට දෙනෙකු කොරෝනා වෛරස් (කොවිඩ් – 19) රෝගයෙන් පෙළෙන අතර ප්‍රතිකාර ලබමින් සිටිති.

මේ අතර වෛරසය වැළඳී ඇති බවට සැක කෙරෙන ශ්‍රී ලාංකිකයෙකු ඉතාලියේදී මිය ගොස් ඇති බවටද වාර්තා පළ වී තිබේ.

කෙසේ වෙතත්, ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ ප්‍රකාශකයෙකු පැවසුවේ වෛද්‍ය වාර්තා නිකුත් කරන තුරු පුද්ගලයා කොරෝනා වෛරසයෙන් මිය ගොස් ඇත්ද යන්න තහවුරු කළ නොහැකි බවයි.

තානාපති කාර්යාලය පැවසුවේ ඉතාලියේ කොවිඩ් -19 සඳහා ආසාදිත ශ්‍රී ලාංකිකයන් 8 දෙනා මේ වන විට රෝහල් ගත කර ප්‍රතිකාර ලබන බවයි.

ඉතාලියේ ශ්‍රී ලාංකිකයන් 40-50 අතර ප්‍රමාණයක් මේ වන විට ස්වයං නිරෝධායනයට ලක්ව සිටින බව එහි වැඩිදුරටත් දැක්වේ.

පසුගිය පැය 24 තුළ 743 දෙනෙකු මිය යාමෙන් පසු ඉතාලියේ මරණ සංඛ්‍යාව 6,820 දක්වා ඉහළ ගොස් ඇති බව විදේශීය මාධ්‍ය වාර්තා කරයි.

69,176 ක් ආසාදනය වී ඇත. ඔවුන්ගෙන් 8,326 දෙනෙකු ප්‍රතිකාරවලින් පසු සුවය ලබා ඇත.

එසේම, දැනට ප්‍රතිකාර ලබමින් සිටින 54,030 දෙනා අතර 3,393 දෙනෙකුගේ තත්ත්වය බරපතල ය.

සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ උපදෙස් මත ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරිය (CAA), ඉරානය, ඉතාලිය සහ දකුණු කොරියාව සිට ශ්‍රී ලංකාව දක්වා ආරම්භ වන සියලුම සංචාර සඳහා තාවකාලික තහනමක් පනවා තිබේ.

මාර්තු 15 සිට බලපැවැත්වෙන පරිදි මෙම තහනම ප්‍රංශය, ස්පාඤ්ඤය, ජර්මනිය ස්විට්සර්ලන්තය, නෙදර්ලන්තය, ස්වීඩනය සහ ඔස්ට්‍රියාව යන රටවල සිට ශ්‍රී ලංකාව දක්වා සංචාරය තහනම් කළ අතර, 2020 මාර්තු 29 වනදායින් අවසන් වන සති දෙකක කාලයක් දක්වා දීර්ඝ කරන ලදී.

කොරොනා වෛරසය ලොව පුරා වසංගතයක් බවට පත්වීමත් සමඟ යුරෝපීය මහාද්වීපයට වඩාත්ම දරුණු ලෙස පහර වැදී ඇත.

Facebook Comments