ඇමරිකාව සිය හදිසි ඉන්ධන සංචිත මුදා හරී.

ඇමරිකාව සිය හදිසි ඉන්ධන සංචිත මුදා හරී.

සෞදි අරාබියේ ඉන්ධන පිරිපහදු මධ්‍යස්ථාන 02 ක් ඉලක්ක කර එල්ල වූ ප‍්‍රහාරයට වගකිව යුත්තේ කවුරුන්ද යන්න පැවසීමට තමන් සතුව සාක්ෂි ඇති මුත් සත්‍ය තහවුරු වන තුරු ඒම සාක්ෂි සුරක්ෂිතව තබා ගන්නා බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට‍්‍රම්ප් ප්‍රකාශ කර ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තා කරන ලදී.

ප‍්‍රහාරයේ වගකීම යේමනයේ කි‍්‍රයාත්මක හුදී කැරලිකරුවන් විසින් භාර ගැනුණද, අමෙරිකාව ඒ සඳහා චෝදනා කරන්නේ ඉරානයටයි. ප‍්‍රහාරයෙන් පසු ලෝක වෙළඳපලේ බොරතෙල් මිල වාර්තාගත ලෙස ඉහළ යාමට ලක් විය.

ඒ අනුව ලෝක වෙළඳපොළට ඉන්ධන සැපයීම ස්ථාවරව පවත්වා ගැනීම සඳහා සිය හදිසි ඉන්ධන සංචිත මුදා හැරීමට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට‍්‍රම්ප් නියෝග ලබා දී ඇති බවටද විදෙස් මාධ්‍ය වාර්තා කරන ලදී.

ඒ අනුව සිය ඉන්ධන තොග සඳහා ලෝක වෙළඳපලේ වැඩි අවස්ථාවක් හිමිකර ගැනීමට අමෙරිකාවට අවස්ථාව හිමිව ඇති බව වැඩිදුරටත් විදෙස් මාධ්‍ය වාර්තා කරන ලදී.

Facebook Comments