ආණ්ඩු ක‍්‍රම ආකෘතිය (දේශපාලන මතවාද අනුව) කෙටි හැඳින්වීමක්

ආණ්ඩු ක‍්‍රම ආකෘතිය (දේශපාලන මතවාද අනුව) කෙටි හැඳින්වීමක්

දේශපාලන මතවාද අනුව ආණ්ඩු ක‍්‍රම කොටස් තුනකට වර්ග කළ හැක.

1. ලිබරල් ප‍්‍රජාතන්ත‍්‍රවාදී
2. පැසිස්ට්වාදී
3. සමාජවාදී

  1. ලිබරල් ප‍්‍රජාතන්ත‍්‍රවාදී ආණ්ඩු ක‍්‍රමයක මුලික අංග ලක්ෂණ පහත සඳහන් ආකාරයට හඳුනා ගත හැක.
  • මහජන ස්වාධිපතිත්වය
  • සමානාත්මතාව
  • අයිතිවාසිකම්
  • නියෝජන ආණ්ඩු ක‍්‍රමය
  • කාලීනව පවත්වන නිදහස් සහ සාධාරණ මැතිවරණ
  • ව්‍යවස්ථානුකූල ආණ්ඩුව
  • වගකීම් සහිත ආණ්ඩුව
  • නීතියේ ආධිපතිත්වය
  • අධිකරණයේ ස්වාධීනත්වය
  • තරගකාරී දේශපාලන පක්ෂ ක‍්‍රමය
  • නිදහස් බලපෑම් කණ්ඩායම් කි‍්‍රයාකාරිත්වය
  • නිදහස් මහජන මතයේ කි‍්‍රයාකාරිත්වය
  • යහ පාලනය
  • නිදහස් ජන මාධ්‍ය
  • පාලකයින්ගේ සහ පාලිතයින්ගේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී චර්යාව

2. පැසිස්ට්වාදී ආණ්ඩු ක‍්‍රමයක මුලික ලක්ෂණ

ප‍්‍රජතාන්ත‍්‍රවාදී ආණ්ඩු ක‍්‍රමයන් ආශි‍්‍රතව පවතින ඉහතින් දක්වන ලද මූලික ගුණාංග කිසිවක් පැසිස්ට් ආණ්ඩු ක‍්‍රමය තුළ දැක ගත නොහැක.මේ අනුව පැසිස්ට් ආණ්ඩු ක‍්‍රමයක මුලික අංග ලක්ෂණ පහත දැක්වෙන ආකාරයට හඳුනා ගත හැක.

  • තනි පුද්ගලයෙකු විසින් මෙහෙයවන ආඥාදායක පාලනය
  • ආණ්ඩුවේ කාර්යයන්, ව්‍යුහයන් කාර්යාත්මක පදනමක් මත පැහැදිලිව සහ විධිමත්ව විභේධීකරණය කර නොතිබීම
  • ඒක පක්ෂ ක‍්‍රමයේ කි‍්‍රයාකාරිත්වය
  • දැඩි ජාතිවාදය
  • රාජ්‍යයේ උත්තරීතරභාවය
  • පුද්ගලයා සහ සමාජය රාජ්‍යයේ බලයට නිර්දය ලෙස යටත් කොට පාලනය කිරීම
  • දේශපාලන කි‍්‍රයාදාමයේ සෑම මුලිකාංගයක්ම අකර්මන්‍ය කිරීම
  • යුද්ධකාමී වීම

3. සමාජවාදී ආණ්ඩු ක‍්‍රමයක මුලික ලක්ෂණ

මාක්ස්, ලෙනින්වාදී දේශපාලන සහ ආර්ථික සිද්ධාන්ත පදනම් කොට ගෙන මෙම ආණ්ඩුක‍්‍රම ගොඩ නගා ඇත. ලිබරල් ප‍්‍රජාතන්ත‍්‍රවාදී ආණ්ඩුක‍්‍රම තුළ දැකිය හැකි බොහෝ මුලික ගුණාංග සමාජවාදී ආණ්ඩුක‍්‍රමය තුළ දැකිය නොහැක. සමාජවාදී ආණ්ඩුක‍්‍රමයක මුලික අංග ලක්ෂණ පහත සඳහන් ආකාරයට හඳුනාගත හැක.

  • ඒක පක්ෂ පාලන ක‍්‍රමය සහ පක්ෂයේ අධිපතිත්වය
  • කොමියුනිස්ට් මූලධර්ම පදනම් කරගෙන ආණ්ඩුවේ ව්‍යුහයන් ගොඩනඟා තිබීම සහ කාර්යයන් විභේධීකරණය කර තිබීම
  • නිදහස් සහ තරගකාරී වෙළෙඳ පොළ වෙනුවට රාජ්‍ය විසින් ආර්ථිකය පාලනය කිරීම – මධ්‍යගත සැලසුම් ක‍්‍රමය
  • කොමියුනිස්ට් මූලධර්ම වලට අනුව ජනතාවගේ දේශපාලන, ආර්ථික හා සමාජ ජීවිතය පාලනය කිරීම
  • පැරණි සෝවියට් සමාජවාදී සමුහාණ්ඩු ක‍්‍රමය උදාහරණයට ගත හැකිය

සමාජ – ප‍්‍රජාතන්ත‍්‍රවාදී ආණ්ඩුක‍්‍රම

ලිබරල් ප‍්‍රජාතන්ත‍්‍රවාදී දේශපාලන න්‍යායන් සහ සමාජවාදයේ ආර්ථික න්‍යායයන් එකට එකතු කරමින් ගොඩ නගන ලද මිශ‍්‍ර ආණ්ඩු ක‍්‍රමයක් මෙයින් නිරූපණය වේ. මේ අනුව ලිබරල් ප‍්‍රජාතන්ත‍්‍රවාදී ආණ්ඩුක‍්‍රමයක් තුළ දැකිය හැකි ව්‍යවස්ථානුකූල පාලනය, වගකීම, මැතිවරණ, දේශපාලන පක්ෂ, බලපෑම් කණ්ඩායම්, අධිකරණයේ ස්වාධීනත්වය යනාදී සෑම ගුණාංගයක්ම මෙම ආණ්ඩුක‍්‍රම තුළ ද කි‍්‍රයාත්මක වන ආකාරය දැකිය හැකි ය.

නමුත් සමාජ ප‍්‍රජාතන්ත‍්‍රවාදී ආණ්ඩුක‍්‍රමයක මුලිකම ලක්ෂණය වන්නේ ආර්ථිකය කළමනාකරණය කිරීමට රාජ්‍ය දැඩි ලෙස මැදිහත් වීමය.
ද එසේ වුවද, සමාජවාදී ආණ්ඩුක‍්‍රමයක් තුළ මෙන් සමාජ ප‍්‍රජාතන්ත‍්‍රවාදි ආණ්ඩුක‍්‍රමයක් තුළ දැඩි මධ්‍යගත සැලසුම් ක‍්‍රමයක් යටතේ රාජ්‍ය විසින් ආර්ථිකය පාලනය කරනු නොලැබේ.

රාජ්‍ය කරනු ලබන්නේ නිෂ්පාදනය හා බෙදා හැරිමේ කාර්යයන්ට රාජ්‍ය සෘජුව ම සහභාගී වීම හරහා රාජ්‍යයේ අරමුණු අනුව ආර්ථිකය මෙහෙයවීමය.

දෙවන ලෝක යුද්ධයෙන් පසු කාලය තුළ බිහි වු තුන්වන ලෝකයේ බොහෝ රටවල් විසින් මෙම දේශපාලන හා ආර්ථික දර්ශනය කි‍්‍රයාවට නංවන ලදි.

අවම රාජ්‍ය සංකල්පය මේ වන විට පෙරමුණට පැමිණ තිබෙන්නේ මෙම ක‍්‍රමය අසාර්ථක වීමේ ප‍්‍රතිඵලයක් ලෙසයි.

Facebook Comments