ආණ්ඩුව ගැන බුලත් කෙළ පරීක්ෂාව

ආණ්ඩුව ගැන බුලත් කෙළ පරීක්ෂාව

පැරණි සිංහල ගොවීන් උදැල්ලෙන් මඩ පෙරළල සතියක් විතර තිබෙන්නට හරින අතර දෙමේ කොටන්නට ඉස්සර පොඩි පරීක්ෂාවක් කරනව.

උදේට නියර දිගේ අවිදගෙන යන ගමන් කටේ හපමින් තිබෙන බුලත් විට හොඳට හපල ලියැද්ද දිහාවට හැරිල හොඳවයින් කෙළ පහරක් ගැසීම තමයි ඒ පරීක්ෂාව.

එවිට කෙල පහරේ තිබෙන රතු වර්ණය වෙනත් පාටකට හැරෙනව.

ඒ අනුව ඔහු තීරණය කරනව දෙමේ කොටන්නට හොඳයි කියල.

ලිට්මස් පරීක්ෂාව වගේ දෙයක් ඒක.

යහපාලන විජාතික ආණ්ඩුව ගැන නම් මෙවැනි පරීක්සාවක් කරන්නට අවශ්‍ය වුණේ නෑ.

සිංහල ජාතියටයි බුද්ධ ශාසනයටයි විරුද්ධව එළිපිටම වැඩ කළ නිසා ඒ දේශද්‍රෝහී වැඩ අපිට දැනුණ.

නමුත් ගෝඨභයත් මහින්දත් අයෙත් ඇවිල්ල කරනදේවල් දැක්කම වරින් වර බුලත් කෙල පරීක්ෂාවක් කරන්න සිද්ධවෙනව.

මේ ආණ්ඩුවට සිංහල කම ගැන වගේ වගක් නෑ.

නීති විද්‍යාලයෙ විභාගයට සිංහල භාෂාවෙන් පෙනී සිටීම තහනම් කරල ගැසට් එකක් ගැහුවෙ ඒකයි.

සිංහල වෙදමහතුන්ට කොවිඩි වලට වෙදකම් කරන්න ඉඩ දෙන්න කියල ඉල්ලල තියෙන්නෙ 2019 පෙබරවාරි මාසෙ.

මේ වන තෙක් ඒකට අවසරයක් දුන්නෙ නෑ.

1886 දී ඉංග්‍රීසි ආණ්ඩුව කලා වගේ සිංහල බෙහෙත් තහනම් කරල දිගට හරහට එන්නත් කරනව.

අවිචාරවත් සිංහලයො ආන්ඩුවට බයේ විදගන්නව.

මේ ගොඩට භික්ෂූ් වහන්සේලාත් අඩංගුයි.

දැන් තියෙන්නෙ ඉංග්‍රීසි ආණ්ඩුවක්ද සිංහල ආණ්ඩුවක්ද කියල බලන්න නව ව්‍යවස්ථා කෙටුම්පත එනතෙක් ඉන්න වෙයි. 

මතුගම සෙනෙවිරුවන්

Facebook Comments