ආණ්ඩුවට එක්වෙනවානම් රංජන් නිදහස් කරනවලු!

ආණ්ඩුවට එක්වෙනවානම් රංජන් නිදහස් කරනවලු!

බන්ධනාගාර ගත කර සිටින රංජන් රාමනායක මහතා ආණ්ඩුවට එක්වන්නේ නම් නිදහස් කරන බව ඔහුට දැනුම් දී ඇති බව සමගි ජනබලවේගය චෝදනා කරයි.

විපක්‍ෂ නායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදී පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිප් වෙදාරච්චි මහතා මෙම අදහස් පල කරන ලදී.

විපක්ෂයේ දිලිප් වෙදාරච්චි මහතා සඳහන් කරන්නේ බන්ධනාගාර රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා විසින් මෙම දැනුම් දීම කර ඇති බවය.

ඉකුත් දිනෙක රාත්‍රී කාලයේ බන්ධනාගාර නිලධාරියෙකුගේ දුරකතනයට ඇමතුමක් ලබා ගනිමින් රන්ජන් රාමනායක මහතා සම්බන්ධ කරගෙන මෙම ඉල්ලීම කර ඇතැයි ද ඔහු සඳහන් කළේය.

Facebook Comments