අසදිතයෙකුගේ පළමු ආශ්‍රිතයන් නිවෙස් තුලම නිරෝධායනයට.

අසදිතයෙකුගේ පළමු ආශ්‍රිතයන් නිවෙස් තුලම නිරෝධායනයට.

අද (26) මින් ඉදිරියට කොරෝනා අසාදිතයින්ගේ පළමු ආශ්‍රිතයන් නිරෝධායන මධ්‍යස්ථාන වලට නොයවා සිය නිවෙස් තුළම නිරෝධායනය කටයුතු සදහා යොමු කිරීමට තීරණය කල බව යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා නිවේදනය කරන ලදී.

ඊයේ දින ජනාධිපතිවරයා සමග සිදුකල සාකච්ජාවේ ප්‍රතිඵලයක් ලෙස මෙම ක්‍රමවේදය ක්‍රියාත්මක කරන බව යුද හමුදාපතිවරයා ප්‍රකාශ කර සිටියේය.

මෙහිදී එම පුද්ගලයන් නිවෙස් තුලටම වී නිරෝධායන කටයුතු සදහා සහයෝගය දෙනු ඇතැයි යන විශ්වාසය පිට මෙම ක්‍රමවේදය ක්‍රියාත්මක කරන බව ඒ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කරන ලදී.

Facebook Comments