අමෙරිකානු රාජ්‍ය ලේකම් මයිකල් ආර් පොම්පියෝ හෙට දිවයිනට.

අමෙරිකානු රාජ්‍ය ලේකම් මයිකල් ආර් පොම්පියෝ හෙට දිවයිනට.

හෙට (27) දින අමෙරිකානු රාජ්‍ය ලේකම් මයිකල් ආර් පොම්පියෝ මහතා හා රාජ්‍ය තාන්ත්‍රික දූත පිරිස මෙරටට පැමිණීමට නියමිත බවත් ඒමහත පිළිගැනීමේ සියලු කටයුතු සුදානම් බවත් මෙරට තානාපති කාර්යාලය ප්‍රකාශ කරන ලදී.

ඒ අනුව මයිකල් ආර් පොම්පියෝ මහතා මෙරට දින දෙකක නිල සංචාරයක නිරත වන අතර එහිදී ජනාධිපතිවරයා, අගමැතිවරයා සහ විදේශ අමාත්‍යවරයා සමග ද්වීපාර්ශ්වික සාකච්ඡා පැවැත්විමට නියමිතව පවතී.

එමෙන්ම පාස්කු ප්‍රහාරයෙන් මියගිය පුද්ගලයන්ට ශෝකය පළ කිරීම සදහා පාස්කු ප‍්‍රහාරය මෙහෙය වු ත‍්‍රස්තයින්ගේ ඉලක්කයක් වූ කොටහේන ශාන්ත අන්තෝනි දේවස්ථානයට අමෙරිකානු රාජ්‍ය ලේකම් මයිකල් ආර් පොම්පියෝ මහතා පැමිණීමට නියමිත බවද වාර්තා විය.

ඒ සදහා මේ වනවිටත් දේවස්ථානයට පැමිණෙන මාර්ගය කාපට් අතුරා ප්‍රතිසංස්කරණය කරන බවද වාර්තා විය.

Facebook Comments